අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය අතර හමුවක් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදි පැවැත්වුණා.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු පදවිය සඳහන් කලේ පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිකර ගැනීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකල බවයි.
විනාඩි 45 කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.