පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද පෙරවරුවේ ගුවන් යානා දෙකකින් වතිකානුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු කටාර් හි දෝහා හරහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.
මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත්.
ඔවුන් ඩුබායි හරහා වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබෙනවා.