සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 07 ට එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි.
උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරුන්ද සමග තමන් ඊට සහභාගී වන බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කලේ.
අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කාර්ය මණ්ඩලයට සමුදීම සඳහා අද පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව කියාසිටියේ.