ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමේ පෙරමුණ ගැනීමට එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව කළ යෝජනාවට ඉන්දියාව සහ ජපානය වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳව ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
වර්තමාන ආර්ථික අර්බුදය සහ මානුෂීය වාතාවරණය සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානය සහ ඉන්දියාව එකගත්වයකට පැමිණ ඇති බව හින්දු පුවත්පත ඊයේ වාර්තා කළා.