ජනමාධ්‍ය ක්ෂේත්රයේ වසර 15 ක අත්දැකීම් ඇති රංගන, සහකාර ප්රවෘත්ති සංස්කාරකවරයෙකු සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරනු ලැබුවේද ටී එන් එල් ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙනි. මේ වනවිට සිංහල ප්රවෘත්ති අංශයේ කළමණාකරු ලෙස ඔහු කටයුතු කරයි. දේශීය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගී වී ඇති ඔහු ක්‍රිකට් ලෝක කුසලාන 02 ක් මෙන්ම රාජ්‍ය නායක විදේශීය සංචාර පවා ආවරණය කර තිබේ. ප්රවෘත්ති කලාව නව මානයකට යොමු කිරීම සඳහා සිංහල ප්රවෘත්ති අංශය වෙනුවෙන් සංකල්ප රැසක් හඳුන්වාදුන් රංගන, රිදම් වර්ල්ඩ් වෙනුවෙන් කාලීන වැඩසටහන් නිෂ්පාදනය කර ඇති අත්දැකීම් බහුල අයෙකි.
ටී එන් ගුවන් විදුලි ජාලයේ ප්රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන හසිත මේ වනවිට ජනමාධ්‍ය ඩිප්ලෝමාවක්ද හදාරමින් සිටී. සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන ඔහු නව ප්රවණතා කෙරෙහි ඉහළ උනන්දුවක් පෙන්නුම් කරයි. ක්‍රීඩා කෙරෙහි ද ඉහළ කැමැත්තක් දක්වන හසිතටම වෙන්වූ ශ්‍රාවක සමූහයක්ද වේ. ක්ෂේත්රයේ ඉදිරියටම යාමේ කැමැත්තක් ඔහු සතුය.
පෙර ජනමාධ්‍ය අත්දැකීම් සහිතව ටී එන් එල් ගුවන් විදුලි මාධ්‍ය ජාලයට සම්බන්ධ වූ තාරක, මේ වනවිට ප්‍රවීණයන් හා සම මට්ටමින් කටයුතු කරමින් සිටී. තමාටම ආවේණික වු ප්රවෘත්ති ශෛලියක් ගොඩ නගා ගැනීමට උත්සාහ දරන්නෙකි. වැඩසටහන් අංශය සමග එක්ව ක්‍රියාත්මක කරන බාහිර රාජකාරි කටයුතුවලදී පවා නොපිරිහෙලා සිය වගකීම් ඉටු කරන තාරක වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නෙකි.
සිංහල ප්රවෘත්ති අංශයේ ලාබාලම සාමාජිකාව ඇයයි. මාධ්‍ය ක්ෂේත්රයට ඇය අත්පොත් තැබුවේද ටී එන් එල් ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙනි. නිතර නව ප්රවණතා පිළිබඳ අවධානයෙන් පසුවන ඇය විශේෂාංග රචනයේදී මෙන්ම සංස්කරණයේදී ද දක්ෂය. මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරීමේදී කැපවීමෙන් කටයුතු කරන සුදාරි, ආයතනයේ සෑම කටයුත්තකදීම කැපී පෙනෙන චරිතයකි.
NewsRadio prides itself on providing news coverage that is fast, reliable and unbiased, delivering both ‘hard news’ and lifestyle-related news in a manner that is interactive, mobile, and comprehensive. NewsRadio has a dedicated website, SMS news alerts service across all major telecom platforms, along with Facebook and Twitter accounts administered by a committed team of news presenters and correspondents locally and internationally.
Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT